ඉන්ධන පෝලිමේ නවතා තිබූ වෑන් රථය සොරාගෙන

අලුත්ගම නගරයේ ඉන්ධන පිරවුම්හලක නවතා තිබූ රුපියල් ලක්ෂ විසි හතරක පමණ වටිනා වෑන් රථයක් සොරාගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් අලුත්ගම පොලීසිය පරීක්ෂණ පවත්වයි.

අලුත්ගම දර්ගා නගරයේ පදිංචි අවුරුදු 27 ක තරුණයකු විසින් මේ පිළිබඳ පොලීසියට පැමිණිලි කර තිබේ.

පසුගිය 19 දින IOC ඉන්ධන පිරවුම්හලේ බේරුවල දෙසට තිබූ වාහන පෝලිමේ තම වෑන් රථය නතර කර තිබියදී එම වෑන් රථය පැහැරගෙන ගොස් ඇති බව පැමිණිල්ලේ සඳහන්වේ..

සිද්ධිය සම්බන්ධයෙන් අලූත්ගම පොලිසිය පරීක්ෂණ පවත්වා ගෙන යනු ලබයි

Leave a Reply