තැන තැන ඉන්ධන පෝලිම් ගැන බලශක්ති ඇමති හේතුව පහදයි

මිල අඩුවීමක් අපේක්ෂාවෙන් අලෙවි නියෝජිතයන් විසින් ඇණවුම් ලබා නොදීම නිසා ඉන්ධන පිරවුම්හල් වල ඉන්ධන හිඟයක් ඇතිවීමට හේතු වී ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

එමෙන්ම මෙම සතියේ තුලදී ඉන්ධන මිල සංශෝධනයක් සිදු නොවන බවත් ඛනිජ තෙල් සංස්ථාවට සහ ලංකා IOC යන සමාගම් දෙකටම ජාතික ඉන්ධන අවසර පත්‍රයට අනුව අවශ්‍යතා සපුරාලීම සඳහා ප්‍රමාණවත් තොග ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

මහජනතාවට ඉන්ධන නිකුත් කිරීම සඳහා අවශ්‍ය ඉන්ධන තොග ඇණවුම් කරන ලෙස තමන් පිරවුම්හල් හිමියන්ගෙන් ඉල්ලා සිටින බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරයා නිකුත් කළ ටිවිටර් පණිවිඩය

Leave a Reply