ඉන්ධන පෝලිමක දී තවත් පුද්ගල මරණයක්

පයාගල ගාලු පාරේ අයි.ඕ.සී පිරවුම්හලේ ඉන්ධන පෝලිමක සිටි පුද්ගලයෙකු, හදිසි රෝගී තත්ත්වයක් නිසා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අද (07) මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

අද අළුයම 1.00 පමණ මෙම පුද්ගලයාට හදිසි රෝගී තත්වයක් ඇති වීමෙන් අනතුරුව කළුතර නාගොඩ මහ රෝහලට ඇතුලත් කර ඇති අතර අලුයම පහට පමණ රෝහලේදී මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

මියගොස් ඇති පුද්ගලයා මොරටුව ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි අයෙකු බව ද පොලිසිය පවසයි.

Leave a Reply