බැංකු කටයුතු සහ සැපයුම් කටයුතු වලදී උද්ගතව ඇති හේතුන් මත මෙරටට පැමිණීමට නියමිතව තිබු ඉන්ධන සහ බොර තෙල් රැගත් නෞකාවන් හි පැමිණීමේ නිශ්චිත දිනයන් ප්‍රකාශයට පත් කිරීමට නොහැකි බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා සඳහන් කර තිබේ.
ඔහු මේ බව Twitter පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ
මීළඟ ඉන්ධන නැව් මෙරට වරායන් වෙත පැමිණ, ගොඩබෑම් කටයුතු අවසන් වන තෙක් පොදු ප්‍රවාහනය, විදුලිබල උත්පාදනය සහ කර්මාන්ත සඳහා ප්‍රමුඛත්වය දෙමින් ඉන්ධන සැපයීම සිදුකරනු ලබන බවට අමාත්‍යවරයා සඳහන් කර තිබේ
මේ හේතුවෙන් පවතින සීමිත ඩීසල් සහ පෙට්‍රල් තොග ලබන සතිය පුරාවට සීමිත ස්ථාන වෙත බෙදා හරිනබවත් ඉන්ධන සඳහා පෝලිම්වල රැඳි සිටිමෙන් වළකින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි කාංචන විජේසේකර අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියි.