ඉන්ධන ගෙන මුදල් නොදී පලාගිය රුසියානුවා අත් අඩංගුවට

හබරාදුව ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකින් තම මෝටර් රථය සදහා ඉන්ධන ලබාගෙන මුදල් නොදි පලායමින් සිටි රුසියානු ජාතිකයෙකු කොග්ගල ගුවන්තොටුපොළ අසලදි අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ 39 හැවිරිදි වියෙහි පසුවන රුසියානු ජාතිකයෙකු බවද පොලිසිය පවසයි.

මෙම රුසියානු ජාතිකයා මිට දින පහකට පමණ ඉහතදිත් මෙම ඉන්ධන පිරවුම්හ වෙත පැමිණ තම මෝටර් රථය සදහා ඉන්ධන ලබාගෙන මුදල් නොදි පලාගොස් ඇති බව පොලිසිය පවසයි.

ඊයේ පැමිණ මොටර් රථය සදහා ඉන්ධන ලබාගෙන මුදල් නොදි පලයමින් සිටියදි පොලිසියට ලද තොරතුරකට අනුව හබරාදුව පොලිසියේ නිලධාරින් මොහු පසුපස හඹාගෙන  ගොස් සැකකරු මෝටර් රථය සමග අත්අඩංගුවට ගෙන ඇත.

Leave a Reply