ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට ඉල්ලා අස්වන ලෙස ඉල්ලා සෞඛ්‍ය සේවකයෝ උද්ඝෝෂණයක
සෞඛ්‍ය අංශයට ඉන්ධන ලබාදෙන ලෙස බලකරමින් ගාල්ල කරාපිටිය රෝහලේ සෞඛ්‍ය සේවකයන් අද (21) දහවල් උද්ඝෝෂණයක නිරත වූහ.
මෙහිදී විරෝධතාකරුවන් ඉඳන් අර්බුදය සම්බන්ධයෙන් සහ ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට සිය විරෝධය පළ කරනු ලැබුවා.
සෞඛ්‍ය සේවාවේ නිරත පිරිසට ඉන්ධන ලබාගැනීමේදී දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදුවී ඇති බවත් ඒ හේතුවෙන් සේවයට පැමිණීමට නොහැකි වීමෙන් සෞඛ්‍ය සේවය කඩා වැටීමේ බරපතළ අවදානමක් මතු ඇති බවද ඔවුන් පැවසූහ