ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතේ ප්‍රබල භූමිකම්පාවක්

ඉන්දුනීසියාවේ බටහිර සුමාත්‍රා දූපත ආසන්න මුහුදේ රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 7.4 ප්‍රබල භූ චලනයක් සිදුවී ඇති බව ඉන්දුනීසියානු භූ විද්‍යා එජන්සිය පවසයි.

කෙසේ වෙතත් මෙම භූ චලනය රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 7.1ක් ලෙස සටහන්ව ඇති බව ඇමරිකානු භූ විද්‍යා සමික්ෂණ ආයතනය පැවසීය.

මෙම භූ චලනය පොළොවේ සිට කිලෝ මීටර් 15 ක ගැඹුරින් සිදුව ඇති බවද එම ආයතනය පවසයි.

මෙම ප්‍රබල භූ චලනයත් සමග ඉන්දුනීසියාව මේ වනතුරුත් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බව ද වාර්තා වේ.

කෙසේ වෙතත් තම මුහුදු කළාපයට සුනාමි අවදානමක් නොමැති බව ඔස්ට්‍රේලියානු කාලගුණ එජන්සය පැවසීය

මෙම ප්‍රබල භූ චලනයෙන් ශ්‍රී ලංකාවට හෝ අවට කලාපයට සුනාමි අවදානමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්ථාපිත ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කළේය..

Leave a Reply