ඉන්දුනීසියාවේ ප්‍රබල භූ චලනයක්

ඉන්දුනීසියාවේ Maluku ප්‍රාන්තයේ Tual ප්‍රදේශයේ අද (17) පස්වරුවේ රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 6.4 ප්‍රබල භුචලනයක් සිදුව ඇති බව එරට භූ විද්‍යා අංශ පවසයි.

මෙම භූමිකම්පාවේ කිලෝමීටර් 97 ගැඹුරක සිදුව තිබෙන බව ද එම වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය

මේ අතර මෙම භූ චලනයේ ප්‍රබලත්වය රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 6.2 ලෙස සටහන් වී ඇති බව ඇමරිකානු භූ විද්‍යා සමික්ෂණය ආයතනය ප්‍රකාශ කළේය.

භූමි කම්පාවෙන් සිදු වූ හානි පිළිබඳ තවමත් කිසිදු නිල වාර්තාවක් ලැබී නොමැත

මෙම භූ ඔස්ට්‍රේලියාවට සුනාමි අවදානමක් නොමැති බව එරට කාලගුණ විද්‍යා ඒජන්සිය ප්‍රකාශ කළේය

Leave a Reply