ඉන්දුනීසියාවේ තවත් ප්‍රබල භූමිකම්පාවක්

ඉන්දුනීසියාවේ පැපුවා, අබේපුර ප්‍රදේශයේ රික්ටර් මාපකයේ ඒකක 6.3ක ප්‍රබල භූමිකම්පාවක් සිදුව ඇති බව ඇමරිකානු භූ විද්‍යා සමික්ෂණ ආයතනය පැවසීය.

පොළවේ සිට කිලෝමීටර 10ක ගැඹුරින් මෙම භුචලනය සිදුව ඇති බව එම ආයතනය පැවසීය.

මින් සුනාමි අවදානමක් නොමැති බවද ජාත්‍යන්තර සුනාමි අනතුරු ඇඟවිමේ මධ්‍යස්ථානය පැවසීය.

කෙසේ වෙතත් මෙම භුචලනයෙන් සිදුවු ක්ෂණික ජිවිත හෝ දේපල හානි පිළිබඳව වාර්තා වි නොමැති අතර බොහෝ දුරට භුචලනයේ පරිමාණය අනුව ගොඩනැගිලිවලට හානි සිදුවන්නට ඇති බව අනුමාන කරන බව එරට බලධාරීන් උපුටා දක්වමින් එරට මාධ්‍ය වාර්තා කළේය.

මේ අතර ඊයේ (30) පෙරවරුවේ ඉන්දුනීසියාවේ උතුරු සුමාත්‍රා දුපත අසල මුහුදේ රික්ටර් මාපකයේ ඒකක 6.5 ක ප්‍රබල භූමිකම්පාවක් සිදුවිය.

Leave a Reply