ඉන්දුනීසියාවේ කුඩා ළමුන් 100 මරුට : එරට සියලුම සිරප් සහ දියර ඖෂධ තහනම් කරයි

ඉන්දුනීසියාවේ කුඩා ළමයින් 100 දෙනෙකු පමණ ජිවිතක්ෂයට පත්විමත් සමග එරට සියලුම සිරප් සහ දියර ඖෂධ වර්ග තාවකාලිකව තහනම් කිරිමට එරට බලධාරීන් කටයුතු කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මේ පිළිබඳව වාර්තා වී ඇත්තේ ගැම්බියාවේ ළමයින් 70 දෙනෙක් කැස්ස සඳහා ලබාදෙන සිරප් වර්ගයක් නිසා මරණයට පත්වී ඇති බව හෙළිවීමෙන් පසු බවද එම වාර්තා සඳහන් කර තිබේ.
 
එම ළමා මරණ සම්බන්ධයෙන් ඉන්දුනීසියානු බලධාරීන් පරීක්ෂා කර ඇති අතර එහිදී හෙළිවී ඇත්තේ එක් සිරප් වර්ගයක වකුගඩුවේ තුවාල ඇතිකරන රසායනික ද්‍රව්‍යයක් අඩංගු බවය.ඒ හේතුවෙන් ළමා මරණ 99ක් සිදුව ඇති බව සඳහන්ය.

එම ඖෂධය එරට නිෂ්පාදනයක්ද නැතහොත් වෙනත් රටකින් ආනයනය කළ ඖෂධයක් ද යන්න අපැහැදිලි බවත් ඉන්දුනීසියානු බලධාරීන් ළමුන් 200 දෙනෙක් සම්බන්ධයෙන් පරීක්ෂා කර ඇති අතර ඔවුන්ට විවිධ වකුගඩු ආබාධ ඇති බව හඳුනාගෙන ඇති බවත් එහි සදහන්ය.

ඉන් බහුතරය වයස අවුරුදු 05ට අඩු ළමයින් බව එම වාර්තා වැඩිදුරටත් සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *