ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතේ වෙරළට ඔබ්බෙන් වු ප්‍රදේශයේ රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 6.0 ක ප්‍රබලත්වයකින් යුත් භූමි කම්පාවක් අද (16) පෙරවරුවේ හටගෙන ඇති බව ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කලේය.
භූමි කම්පාවේ අප කේන්ද්‍රය සිංග්කිල් නගරයට කිලෝමීටර 48 ක් ගිනිකොණින් බව එම ආයතනය ප්‍රකාශ කර තිබේ.
එරට වේලාවෙන් පෙරවරු 6.30 ට පමණ භූමි කම්පාව සිදුව ඇති අතර මෙතෙක් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බවත් ජීවිත හානි හෝ දේපළ හානි මෙතෙක් ඉන් වාර්තා වී නොමැති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
මෙය අතර ජපානයේද මැග්නිටියුඩ් 6.3 ක ප්‍රබල භූ චලනයක් සිදුව තිබේ.