ඉන්දීය සාගරයේ භූ චලනයක්

ඉන්දීය සාගරයේ පිහිටි නිකෝබාර් දිවයිනේ රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 5.4 ක ප්‍රබලත්වයෙන් යුතු භූචලනයක් සිදුව ඇත.

මෙම භුචලනය මුහුදේ සිට කිලෝමීටර 10 ගැඹුරින් සිදුව ඇති බව ඇමරිකානු භූ විද්‍යා සමික්ෂණය ආයතනය පැවසීය.

මේ අතර මේ භුචලනයේ අගය රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 4.9 ලෙස සටහන්ව ඇති බව ඉන්දීය භූ විද්‍යා ආයතනය පැවසීය

කෙසේ වෙතත් මින් සැලකිය යුතු තරමේ බලපෑමක් නොමැති බවද වාර්තාවේ

ශ්‍රී ලංකාවට නැගෙනහිරින් වු ඈත සාගරයේ පිහිටි අන්දමන් සහ නිකොබාර් දුපත් ඉන්දීය පරිපාලන යටතේ පවතී.

ඉකුත් සතියේ ද මෙම කලාපයේම රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 5 වැඩි භුචලනයක් සිදු විය.

Leave a Reply