ඉන්දීය සාගරයේ තවත් ප්‍රබල භූ චලන දෙකක්

ඉන්දීය සාගරයේ පිහිටි නිකෝබාර් දිවයිනේ රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 5.6ක් සහ 5.5ක ප්‍රබලත්වයෙන් යුතු භූචලන දෙකක් සිදුව ඇත

මෙම භුචලන දෙක මුහුදේ සිට කිලෝමීටර 10 ගැඹුරින් සිදුව ඇති බව ඇමරිකානු භූ විද්‍යා සමික්ෂණය ආයතනය පැවසීය.

මේ අතර නිකෝබාර් දිවයිනේ රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 5.4 ක ප්‍රබලත්වයෙන් යුතු භූචලනයක් අද (09) දහවල් සිදුව තිබුණි

ශ්‍රී ලංකාවට නැගෙනහිරින් වු ඈත සාගරයේ පිහිටි අන්දමන් සහ නිකොබාර් දුපත් ඉන්දීය පරිපාලන යටතේ පවතී.

කෙසේ වෙතත් මෙම භූ චලන සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බව ඉන්දීය භූ විද්‍යා අංශ උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කළේය

 

Leave a Reply