ඉන්ෆ්ලුවන්සා H3N2 වෛරසයෙන් ඉන්දියාවේ පළමුවරට පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා කර ඇත.
හර්යානා සහ කර්නාටක ප්‍රාන්ත වලින් මෙම මරණ වාර්තා වී තිබේ.
කර්නාටක ප්‍රාන්තයේ 82 හැවිරිදි දියවැඩියා රෝගී පුද්ගලයෙකු සහ හර්යානා ප්‍රාන්තයේ 56 හැවිරිදි පෙනහළු පිළිකා රෝගියෙකු මෙලෙස මියගොස් තිබේ.
හොංකොං උණ ලෙසින් ද හැඳින්වෙන, ඉන්ෆ්ලුවන්සා H3N2 වෛරසය ආසාදිත 90 දෙනෙකු ගත වූ කාලය තුළ ඉන්දියාවෙන් හඳුනාගෙන තිබේ.
කොවිඩ් රෝග ලක්ෂණවලට බොහෝ සමානකම් ඇති මෙම ඉන්ෆ්ලුවන්සා H3N2 වෛරසය ආසාදිතයන්ට උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, උගුරේ වේදනාව, ශ්වසන අපහසුතා මෙන්ම පාචන රෝග ලක්ෂණ ද පෙන්නුම් කර ඇත
H3N2 වෛරසය ආසාදිතයින් 90 දෙනෙකු පමණ ඉන්දියාවෙන් වාර්තා වී තිබෙන අතර H1N1 ආසාදිතයන් අට දෙනකු ද හඳුනාගෙන ඇත.
මාර්තු අග වන විට රෝගීන් අඩු වනු ඇතැයි අපේක්ෂා කරන බවත් ආසාදන සහ මරණ පිළිබඳව සොයා බලා සමීපව නිරීක්ෂණය කරන බව ද එරට මධ්‍යම සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ.