තවත් භාණ්ඩ රැසක ආනයන සීමා ලිහිල් කිරීමට ඉදිරියේ දී පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසයි.
රේගුවේ වසරේ ආදායම් ඉලක්ක පිළිබඳ සමාලෝචන රැස්වීමකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා අද (18) මේ බව කියා සිටියේ ය.
රේගුවේ අපේක්ෂිත ආදායම් ඉල්ක්ක සපුරා ගැනීම සඳහා එය ද පිටිවහලක් වනු ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
රේගුව වෙත පළමු මාස තුන සඳහා ලබා දී ඇති ආදායම් ඉලක්කය රුපියල් බිලියන 270කි.
එහෙත් එම කාලය තුළ ලැබී ඇති ආදායම අපේක්ෂිත ආදායමට වඩා 12%ක අඩුවක් දක්නට ලැබෙන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. මේ සඳහා ප්‍රධාන වශයෙන් භාණ්ඩ ආනයන සීමා පනවා තිබීම හේතු වූ බවයි අමාත්‍යවරයා පවසයි.