ඉතිහාසයේ පළමු වරට යාපනය රෝහලෙන් සාර්ථක වකුගඩු බද්ධයක්

යාපනය ශික්ෂණ රෝහලේදී සිදුකළ වකුගඩු බද්ධ කිරීමක් ඉතා සාර්ථක වූ බව එහි අධ්‍යක්ෂ පී. සත්‍යමූර්ති මහතා ඊයේ (22) පැවසීය.

යාපනයේ පදිංචි 17 හැවිරිදි තරුණියකට ඇගේ මව දුන් වකුගඩුවක් පසුගිය 18 වැනිදා යාපනය ශික්ෂණ රෝහලේදී බද්ධ කළ අතර මේ වන විට එම තරුණිය යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බව රෝහල් අධ්‍යක්ෂවරයා පැවසීය

වකුගඩු බද්ධ කිරීමේ සැත්කම රෝහල් අධ්‍යක්ෂකවරයාගේ අධීක්ෂණය මත ශල්‍යවෛද්‍ය තම්බිපිල්ලෙ තවචෙන්දන් මහතා ප්‍රමුඛ වෛද්‍ය කණ්ඩායමක් විසින් සිදු කළ අතර මේ සැත්කම යාපනය ශික්ෂණ රෝහල් ඉතිහාසයේ ප්‍රථම වරට සිදු කරන ලද වකුගඩු බද්ධ කිරීම ද වේ.

මේ අනුව ඉදිරි කාලයේ දී උතුරේ වකෙදි උතුරේ වකුගඩු රෝගීන්ට යාපනය ශික්ෂණ රෝහලේදී වකුගඩු සැත්කම් සිදු කර ගැනීමට අවස්ථාව සලසා දීමට එහි පාලනාධිකාරිය පියවර ගෙන තිබේ.

Leave a Reply