ඉතාලි රැකියා කෝටාව ගැන විශේෂ දැනුම් දීමක්

ඉතාලි රැකියා කෝටාවට ශ්‍රී ලාංකිකයින්ට ඝෘජුවම අයදුම් කිරීමට නොහැකි බව ඉතාලියේ පිහිටි ශ්‍රී ලංකා තනාපති කාර්යාලයේ තනාපති ජගත් වැල්ලවත්ත මහතා පවසයි.  

ශ්‍රී ලංකාව ඇතුළු යුරෝපා නොවන රටවල් සඳහා වාර්ෂිකව ඉතාලි රජය විසින් ලබාදෙනු ලබන කෝටා ක්‍රමය යටතේ රැකියා අවස්ථා ලබාගැනිම සදහා අයඳුම් කිරිම ඉතාලියේ සිටින සේවා යෝජකයින් සහ ව්‍යාපාරික සමාගම් විසින් සිදු කල යුතුව ඇත. ඒ අනුව එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකිකයන්ට සෘජුවම අයදුම් කල නොහැකි බව තනාපති ජගත් වැල්ලවත්ත මහතා සදහන් කරයි. 

එබැවින් ශ්‍රී ලංකාවේ සිට මෙම රැකියා අවස්ථා සඳහා සෘජුවම අයදුම් කිරීමට නොහැකි අතර ඉතාලියේ සේවා යෝජකයින් විසින් ඉල්ලුම්පත් ඉදිරිපත් කල යුතු මෙම රැකියා ලබාගැනීම සඳහා කිසිදු පුද්ගලයකුට මුදල් ලබාදීමෙන් වැලකී සිටින ලෙසත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැනුම් දීමක් කරනු ලැබේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *