ඉණිමගින් වහලයට නැඟ ජංගම දුරකථන කොල්ල කලා

ඉනිමගක ආධාරයෙන් වහලයට නැග වහලේ උළු කැට ඉවත් කර පදියතලාව මාර්ගයේ නිවසකට ඉකුත් 8 වැනි දින රාත්‍රියේ ඇතුළු වී රුපියල් එක්ලක්ෂ අසූ පන්දහසක් පමණ වටිනා ජංගම දුරකථන දෙකක් සොරාගෙන ගොස් ඇතැයි මහියංගණ පොලිසිය පවසයි.

නිවස වසා තිබියදී මෙසේ නිවසට ඇතුළු වී ඇති සොරුන් නිවසේ තිබූ රුපියල් එක් ලක්ෂ විසි දහසක් පමණ වටිනා ජංගම දුරකථනයක් සහ රුපියල් හැට පන් දහසක් පමණ වටිනා ජංගම දුරකථනයක් මෙසේ සොරාගෙන ගොස් ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.

සිද්ධිය සම්බන්ධයෙන් මහියංගණ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙන යනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *