ඉඩම් ආරවුලක් හේතුවෙන් ඥාති පුතා පුංචි අම්මා ඝාතනය කරලා

ගම්පහ, තම්මිට ප්‍රදේශයේ කාන්තාවකට,ඥාති පුත්‍රයෙකු විසින් ඊයේ (29) පිහි පහරක් එල්ල කිරීමෙන් ඇය මියගොස් ඇති බව ගම්පහ පොලීසිය පවසයි. 

මෙසේ මියගොස් ඇත්තේ තම්මිට පදිංචිව සිටි 57 හැවිරිදි තිදරු මවකි.

ඉඩම් ආරවුලක් දුරදිග යාමෙන් ඊයේ සවස පිහි ඇනුම සිදුව ඇති බවත් ඉන් තුවාල ලැබූ කාන්තාව ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මිය ගොස් ඇති බවත් පොලීසිය පවසයි. 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මියගිය කාන්තාවගේ ඥාති පුත්‍රයෙකු වන 43 හැවිරිදි පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.

Leave a Reply