දකුණු ඇමරිකාවේ ඉක්වදෝරයේ රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 6.9 ක ප්‍රබල භූ චලනයක් හටගෙන ඇති බව ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.
එරට වෙරළබඩ ගුවායාස් ප්‍රදේශයේ මෙම ප්‍රබල භූමිකම්පාව සිදුව ඇති බවත් එය ඉක්වදෝරයේ දෙවන විශාලතම නගරය වන Guayaquil සිට දකුණට සැතපුම් 50 (කිලෝමීටර් 80) පමණ දුරින් අප කේන්ද්‍රයේ පිහිටා තිබෙන බව ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කළේය
භූ චලනයක් සමඟ සිදු වූ හානි පිළිබඳව තවමත් වාර්තා ලැබී නොමැති අතර භූචලන හටගන්නා අවස්ථාවේ දර්ශන කීපයක් සමාජ මාධ්‍යවල හුවමාරුවෙමින් පවතී.
කෙසේ වෙතත් භූ චලනයෙන් සිදුවු ජීවිත හෝ දේපළ හානි පිළිබඳව මේ දක්වා වාර්තා ලැබි නොමැති බවත් භූ කම්පනයේ ප්‍රබලත්වය අනුව ජීවිත හා දේපළ හානි සිදුවන්නට ඇති බව අනුමාන කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.