ඉංගිරියේ මාරක රිය අනතුරකින් තරුණයන් දෙදෙනෙකු මරුට

තිදෙනකු රැගත් යතුරු පැදියක් සහ වෑන් රථයක් ඉංගිරිය පාදුක්ක මාර්ගයේ රයිගම් වත්ත ප්‍රදේශයේ දී අද (15) අලුයම මුහුණට මුහුණලා ගැටීමෙන් සිදුවු මාරක රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනකු මියගොස් තවත් තිදෙනකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි ඉංගිරිය පොලීසිය පවසයි

ඉංගිරියේ පැවති සැණකෙළියක් නරඹා ආපසු යතුරු පැදියෙන් යමින් සිටි තරුණයන් දෙදෙනෙකු මෙලෙස මියගොස් ඇත. ඔවුන් හඳපාන්ගොඩ පදිංචි 36 සහ 27 හැවිරිදි වියෙහි පසුවන තරුණයන් දෙදෙනෙකි.

වෑන් රථයේ අඹු සැමි යුවලක් සහ කුඩා දරුවෙක් ගමන් ගමන් කර ඇති අතර අනතුරින් සිඟිති දරුවාට කිසිදු අනතුරක් වී නොමැති බවද පොලිසිය පවසයි.

මෙම අනතුර සම්බන්ධයෙන් ඉංගිරිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.

Leave a Reply