ඇෆ්ගනිස්තානයේ ප්‍රබල භූ චලනයක් : ඉන්දු පාකිස්තානයත් හෙල්ලෙයි

ඇෆ්ගනිස්තානයේ Badakhshan කලාපයේ Jurm ප්‍රදේශයේ අද (05) රාත්‍රියේ රිච්ටර් මාපකයේ මැග්නිටියුඩ් 5.9 ප්‍රබල භූ චලනයක් සිදුවී ඇතැයි ඇමරිකානු භූ විද්‍යා භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.

එරට වේලාවෙන් රාත්‍රී 07:55 ට පමණ මෙම භූ චලනය සිදුවී ඇති අතර එහි කම්පනය ඉන්දියාව, පකිස්ථානය සහ තජිකිස්තානයද දැනී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය

මෙම කම්පනය උතුරු ඉන්දියාව, කාශ්මීරය ඇතුළු දිල්ලි අගනුවරටද දැනී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

භූමිකම්පාවත් සමග ඇෆ්ගනිස්ථානයේ භූ චලනය ඇති වූ ප්‍රදේශයේ ජනතාව වීදි බැස සිටින අයුරු සමාජ මාධ්‍ය වාර්තා කළේය. භූ චලනයෙන් සිදු වූ හානි පිළිබඳව තවමත් නිල වාර්තා කිසිවක් ලැබී නොමැත

Leave a Reply