ඇෆ්ගනිස්තානයේ තවත් ප්‍රබල භූමිකම්පාවක්

ඇෆ්ගනිස්තානයේ, හෙරාත් නගරයට කිලෝමීටර 28ක් පමණ දුරින් තවත් ප්‍රබල භූකම්පනයක් හටගෙන තිබේ.

එම භූකම්පනය රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 6.3ක් ලෙස සඳහන් වී තිබෙන බව ඇමරිකානු භූ විද්‍යා සමික්ෂණ ආයතනය පැවසීය.

ඉකුත් සෙනසුරාදා ද බටහිර ඇෆ්ගනිස්තානයට ප්‍රබල භූකම්පනයක් හටගෙන තිබූ අතර එයින් පුද්ගලයි 2,445 අධික පිරිසක් මියගියේය.

එම ප්‍රදේශයට නුදුරින් මෙම භූකම්පනය හටගෙන ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

තුවාල ලැබුවන්ගේ සංඛ්‍යාව ද 10,000කට ආසන්න වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

හිරාත් ප්‍රාන්තයේ ගම්මාන 12කට භූකම්පනයෙන් දැඩි බලපෑම් එල්ල වී ඇති අතර නිවාස 1,000කට ආසන්න සංඛ්‍යාවක් ද විනාශ වී ඇති බව සඳහන් වේ.

ඇෆ්ගනිස්තානයේ පසුගිය ජුනි මාසයේ සිදුවූ භූකම්පනයකින් ද පුද්ගලයින් දහසකට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබුණි.

ඇෆ්ගනිස්තානයේ බිහිසුණු භුමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 2000 ඉක්මවයි

Leave a Reply