ඇළට වැටී බෝක්කුවක සිරවු අලි පැටියා මරුට

පොලොන්නරුව, අරලගංවිල කුඹුරු යායකට ජලය රැගෙන යන ඇළක බෝක්කුවක් තුළ කුඩා අලි පැටවකු සිරවීමෙන් මියගොස් ඇති බව වෙහෙරගල වනජීවී කාර්යාලය පවසයි.

මියගිය අලි පැටවා මාස 07 ක් පමණ පැටියකු බවද වාර්තාවේ

එම අලි පැටවා ඇතුළු අලි රෑනක් කුඹුරුයායේ  සැරිසරමින් සිටියදී ඇළට වැටී ඇති අතර ඇතින්න අලි පැටියා බේරා ගොඩට ගැනීමට උත්සාහ කර ඇතත් ජලයේ සැඩපහරට ගසාගෙන ගොස් බෝක්කුවක සිර වී ඇත.

ඒ සම්බන්ධයෙන් ගොවි මහතකු ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ කොට්ඨාස කාර්යාලය දැනුවත් කර ඇති අතර පසුව ඔවුන් විසින් වනජීවී නිලධාරීන් දැනුවත් කර තිබේ.

මහවැලි අධිකාරියේ නිළධාරීන්, වනජීවි නිලධාරින් එහි ගොස් අලිපැටියා එළියට ගැනීමට පැය කිහිපයක් උත්සාහ දරා ඇති අතර එයා අසාර්ථක වීමත් සමග පැය කිහිපයකට පමණ පසු අලිපැටියා මියගොස් ඇති බව වාර්තාවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *