ඇල්පිටියදී සාදයක් අතරතුර පුද්ගලයකු පිහිනුම් තටාකයකට වැටි මරුට

ඇල්පිටිය පොලිස් වසමේ 09 කණුව, ඉගල ප්‍රදේශයේ පිහිටි උත්සව ශාලාවකදී ඊයේ (27) රාත්‍රියේ පැවති උපන්දින සාදයක් අතරතුර තරුණයෙකු පිහිනුම් තටාකයේ වැටී මියගොස් ඇති බව පොලිසිය පවසයි.

තරුණයෙකුගේ උපන්දිනයක් වෙනුවෙන් මෙම සාදය පවත්වා ඇති අතර එහි පැමිණි පිරිස බීමත්ව සිට ඇති බවත් පසුව පිරිස අතර සිටි ඔවුන්ගේ මිතුරෙකු ඔවුන් අසල නොසිටීම හේතුවෙන් අවට පරීක්ෂා කිරීමේදී මෙම පුද්ගලයා පිහිනුම් තටාකයේ පාවෙන බවට දැක ගොඩට ගෙන ඇල්පිටිය රෝහලට ඇතුලත් කර ඇත. එහිදී ⁣මෙම පුද්ගලයා මියගොස් ඇති බවට අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.

දේහය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය අද (28) සිදු කිරීමට නියමිතව තිබිණ.

සිද්ධිය සම්බන්ධයෙන් ඇල්පිටිය පොලිස් ස්ථානය පරික්‍ෂණ පවත්වාගෙන යනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *