ඇමරිකාවේ කිරි ගොවිපලක පිපිරීමකින් ගවයින් 18000ක් මරුට

ඇමරිකාවේ ටෙක්සාස් නුවර කිරි ගොවිපලක සිදුවූ පිපිරීමකින් ගවයින් 18,000 කට වැඩි ප්‍රමාණයක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ටෙක්සාස් හි ඩිමිට් නගරයට නුදුරින් පිහිටි සවුත් ෆෝක් ඩේරි හි සිදුවූ මෙම පිපිරීමෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවද එම වාර්තා සඳහන් කළේය.

එම ගොවිපළ පිහිටි මධ්‍යස්ථානයේ තිබූ යන්ත්‍රෝපකරණවලින් මීතේන් වායුව හේතුවෙන් මෙම පිපිරීම සිදුවන්නට ඇති බව එරට බලධාරීන් උපුටා දක්වමින් එම වාර්තා සඳහන් කළේය.

පිපිරීමෙන් පසු හටගත් ගින්නෙන් සහ දුමෙන් මිය ගිය ගවයින්ගේ නිශ්චිත සංඛ්‍යාව තවමත් අනාවරණය වි නොමැති අතර දැනට ඇස්තමේන්තු කර ඇති අකාරයට ගවයන් 18,000ක් පමණ මියගොස් ඇති බව ෂෙරිෆ් කාර්යාලය උපුටා දක්වමින් එම වාර්තා වැඩිදුරටත් සදහන් කළේය.

Leave a Reply