ඇමරිකාවේ ඉදලා ලංකාවේ පදිංචියට පැමිණි අමුත්තා

අමෙරිකා එක්සත් ජනපද වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලබාදුන් P627 නෞකාව අද (02) කොළඹ වරායට පැමිණ තිබේ

අමෙරිකා එක්සත් ජනපද වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලබාදුන් ඩග්ලස් මුන්රෝ නෞකාව නිල වශයෙන් භාර ගැනීම පසුගිය වසරේ ඔක්තෝබර් 26 වැනිදා වොෂින්ටන්හි සියැටෙල් වරායේදී සිදුකෙරුණි. එය දැන් P627 නෞකාව ලෙස නම් කර තිබේ.

පොදු සමුද්‍රීය අභියෝග ජයගැනීම සඳහා හවුල්කාරීත්වය ශක්තිමත් කිරීමේ සහ වර්ධනය කිරීමේ අරමුණින් අමෙරිකානු වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව මෙරටට ලබාදුන් තුන්වැනි නෞකාව මෙය වේ.

ශ්‍රී ලංකා නාවික හමුදා බලඇණියට එක්වූ මෙම නෞකාව දිගින් මීටර් 115කින් යුක්ත වේ.

මාස 10ක කාලයක් නෞකාව සම්බන්ධ පුහුණු කටයුතු සහ මෙරට නාවික හමුදා මෙහෙයුම් සඳහා ගැලපෙන පරිදි නවීකරණ කටයුතු සිදුකිරීමෙන් පසු අද කොළඹ වරායට මෙලෙස සේන්දු වි තිබේ.

පොදු සමුද්‍රීය අභියෝග ජයගැනීම සඳහා හවුල්කාරීත්වය ශක්තිමත් කිරීමේ සහ වර්ධනය කිරීමේ අරමුණින් මෙම නෞකාව මෙරටට ලබාදී ඇති අතර මීට පෙර 2005 වසරේදී සමුදුර සහ 2018 වසරේදී ගජබාහු යන නෞකාද මෙරට නාවික හමුදාව වෙත ලබාදී තිබුණි.

Leave a Reply