ඇඳ වටා තිබු ආරක්ෂිත වැට බිළිදියක් ජිවිතක්ෂයට

ඌවපරණගම මස්පන්න ගම්මානයේ නිවසක ඇදක් වටා සවිකර තිබු ලී වැටක සිරවීමෙන් මාස හතක දැරියක් මියගොස් ඇති බව පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ මස්පන්න වෙලේකඩේ ප්‍රදේශයේ නිවසක පදිංචි මාස හතක දැරියකි.

නිවසේ ඇදෙන් වැටී ආවරණ ලී වැටේ සිරවීමෙන් සිදුවු අනතුරින් මියගෙස් තිබෙන බව පොලිසිය කියයි.

මියගිය දරුවාගේ මව නිවසේ වැඩ කටයුතු වල නිරතව පසුව දරුවා නිදා සිටි ඇද ළගට පැමිණෙන විට දරුවා ඇද වටා තිබෙන ලී වැටේ සිරවී සිටියදි එයින් මුදවාගෙන ඌවපරණගම වැවේගම රෝහලට ගෙන ගියාත් ඒ වන විටත්  දරුවා මියගොස් සිට ඇති බව පොලිසිය පවසයි

මියගොස් සිටි දරුවාගේ මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සදහා දියතලාව මුලික රෝහලට යොමු කර තිබෙන අතර ඌවපරණගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.

Leave a Reply