වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ලද තොරතුරකට අනුව බස්නාහිර වනජීවී කලාපයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් හොරණ ප්‍රදේශයේදි සිදු කළ වැටලීමකදි ඇත්දළ වලින් නිමකල සුරයක්, වළලු 03ක්, අත්පලදනාවක්, මුද්දක් සහ කොටි තෙල් කුප්පියක් අත්අඩංගුවට ගත් බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
අත් අඩංගුවට ගත් සැකකරු සහ නඩු භාණ්ඩ හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු සැකකරු රුපියල් ලක්ෂ පහක ශරිර ඇප මත මුදා හැර නඩු භාණ්ඩ රජයේ රස පරික්ෂක වෙත ඉදිරිපත් කිරීමට අධිකරණය නියෝග කර තිබේ.
මේ සම්බන්ධයෙන් තවත් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කළේය