ආසියානු කුසලාන ජයග්‍රහණය සමරමින් රටපුරා සැමරුම්

ඩුබායිහිදී ඊයේ (11) රාත්‍රී පැවැති ආසියානු කුසලාන අවසන් මහා තරගයේදී ලකුණු 23 කින් පකිස්ථාන කණ්ඩායම පරාජය කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ආසියානු කුසලාන ක්‍රිකට් ශූරතාව දිනාගැනීමත් සමග එම තරඟය නැරඹූ ශ්‍රී ලාංකිකයන් වීදි බැස රතිඤ්ඤා දල්වමින් සිය සතුට පල කලහ.

කොළඹ ගෝල්ෆේස්, ගාලු කොටුව ඇතුළු දිවයිනේ විවිධ නගරවල සවිකර තිබු දැවැන්ත තීරවල අවසන් මහා තරඟය නැරඹීමට එක්වු ක්‍රිඩා ලෝලීන් ශ්‍රි ලංකාව ජයග්‍රහණය කිරිමත් සමග විදී බැස රතිඤ්ඤා දල්වමින් සිය සතුට පල කලහ. කොළඹ, ගාල්ල, කාත්තාන්කුඩි, සම්මාන්තුරෙයි ඇතුළු විවිධ ප්‍රදේශවල රථ පෙළපාලි ද දක්නට ලැබින.

මේ අතර ශ්‍රි ලංකා කණ්ඩායම ජයග්‍රහණයත් සමග ඩුබායි ක්‍රිඩාංගණයේ ඉතා අලංකාර මල් වෙඩි සංදර්ශනයක් පැවත්වින.

ආසියානු කුසලාන කිරුළ දිනාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට හෘදයාංගම සුබ පැතුම් පිරිනමන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර තිබේ. ශ්‍රී ලංකාව අසීරු මොහොතක් පසු කරමින් යළි නැගිටින අවස්ථාවේ මෙම ජයග්‍රහණය ලාංකික ජාතියට මහඟු ශක්තියක් බව ද ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

Leave a Reply