ආච්චි මරා 4000ක් කොල්ලකෑ මුණුබුරා අල්ලයි

87 හැවිරිදි සිය මිත්තණියගේ මුහුණට මිරිස්කුඩු ගසා දෑත් බැද ඝාතනය කර ඇය සතුව තිබුණු රුපියල් 4340ක මුදලක් කොල්ලකෑ ඇගේ මුණුබුරකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මෙසේ ඝාතනය කර ඇත්තේ පිටිගල තලගස්වල පදිංචි (87) නැමැති කාන්තාවක් බව පොලිසිය පවසයි

මිත්තණිය මෙම මුදල් පොලිතීන් කවරයක දමා සිය ඉනේ සඟවා ගෙන සිටියදී සැකකරු මෙලෙස එම මුදල් කොල්ල කා ඇති බව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙනයනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *