අහුන්ගල්ලේ වෙඩි තැබිමක්

අද (12) දහවල් අහුන්ගල්ල සංචාරක හෝටලයක් අසල දී සිදුවු වෙඩි තැබිමකින් ත්‍රී රෝද රථ රියදුරකු තුවාල ලබා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි.

සිය ත්‍රීරෝද රථය මාර්ගය ඉදිරිපිට නවතා ගෙන සිටියදී මෝටර් රථයකින් පැමිණි පිරිසක් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව අනාවරණය වි ඇතැයි පොලිසිය පවසයි.

මෙම වෙඩි තැබිමෙන් අහුන්ගල්ල ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි අයෙකු මෙලෙස තුවාල ලබා තිබෙන බවත් සිද්ධිය සම්බන්ධයෙන් අහුන්ගල්ල පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වාගෙන යනු ලබයි.

One thought on “අහුන්ගල්ලේ වෙඩි තැබිමක්

Leave a Reply