අහුංගල්ල වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

අහුංගල්ල මිද්දරමුල්ල ප්‍රදේශයේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයකුට තවත් යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු විසින් අද (14) රාත්‍රියේ සිදු කළ වෙඩි තැබීමකින් තුවාල ලැබූ යතුරු පැදිකරු බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙන බව පොලීසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ අහුංගල්ල මිද්දරමුල්ල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකි.

මරණකරු සමග යතුරුපැදියේ සිටි කුඩා දරුවන් දෙදෙනා යතුරු පැදිය පෙරලිමෙන් හේතුවෙන් සුළු තුවාල ලබා රෝහලට ඇතුලත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් අහුංගල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.

Leave a Reply