අහංගම රිය අනතුරකින් එක් අයෙකු මරුට

අහංගම, කබලාන ප්‍රදේශයේ ත්‍රීරෝද රථයක් සහ කැබ් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් අද (06) පෙරවරුවේ සිදුවු මාරක රිය අනතුරකින් එක් අයෙකු මියගොස් ඇති බව අහංගම පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ කොග්ගල පදිංචි 26 හැවිරිදි පුද්ගලයෙකි.

ගාල්ල දෙස සිට අහංගම දෙසට ත්‍රීරෝද රථය ධාවනය වි ඇති අතර අහංගම දෙස ගාල්ල දෙසට කැබ් රථය ධාවනය වි තිබෙන බවත් එහිදී රිය අනතුරෙන් පසු ත්‍රීරෝද රථය අසල නවතා තිබු ත්‍රීරෝද රථ දෙකක සහ යතුරු පැදියක ගැටි තිබෙන බව පොලිසිය පවසයි.

මෙහිදී බරපතළ තුවාල ලැබු ත්‍රීරෝද රථයේ රියදුරු බරපතළ තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් තිබේ.

අනතුර සම්බන්ධයෙන් අහංගම පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙනයනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *