අහංගම මුහුදේ සිටි කිඹුලා ප්‍රදේශවාසින් අල්ලයි

අහංගම මුහුදේ දින කිහිපයක් තිස්සේ සිටි දැවැන්ත කිඹුලා ප්‍රදේශවාසි තරුණ පිරිසක් විසින් අද (14) පෙරවරුවේ නිරුපද්‍රිතව අල්ලා ගොඩට ගන්නා ලදි.

මෙම ප්‍රදේශයේ සංචාරකයින් විශාල වශයෙන් සිටින අතර කිඹුලා නිසා ඔවුහු මුහුදට බැසිමෙන් වැළකි සිටියහ.

ප්‍රදේශවාසීන් අල්ලාගත් කිඹුලා

ප්‍රදේශවාසින් කියා සිටියේ දින කිහිපයක් තිස්සේම කිඹුලා සිටින බව වනජිවි කාර්යාලයට දැනුම් දුන්නත් ඔවුන් නොපැමිණි බවය.

කෙසේ වෙතත් වෙරළ තීරයට පැමිණි අවස්ථාවේ දී ධීවරයන් සහ ප‍්‍රදේශවාසීන් එක්ව දැඩි පරිශ‍්‍රමයක් මෙන්ම අවදානමක් දරමින් කිඹුලා අල්ලා ගැට ගසා හික්කඩුව වනජීවී කාර්යාලයේ නිලධාරීන්ට භාරදීමට කටයුතු කර ඇත.

Leave a Reply