අහංගම මුහුදේ දැවැන්ත කිඹුලෙක්

අහංගම වෙරළ තීරයට ආසන්න මුහුදේ අඩි 10ක පමණ දැවැන්ත කිඹුලෙකු අද (12) පෙරවරුවේ සිට සැරිසරමින් සිටින බව ප්‍රදේශවාසීන් පවසයි.

අහංගම තැපැල් කාර්යාලය ඉදිරිපිට පිහිටි වෙරළ තීරයට මඳක් ඔබ්බෙන් මුහුදේ අද පෙරවරුවේ සිට වරින් වර මුහුද මතුපිටට මෙම කිඹුලා පැමිණෙන බව ප්‍රදේශවාසීන් පවසයි.

මේ පිළිබඳව අහංගම පොලීසිය හා මිරිස්ස වනජීවි කාර්යාලය දැනුවත් කළ බව ප්‍රදේශවාසීන් පවසයි.

One thought on “අහංගම මුහුදේ දැවැන්ත කිඹුලෙක්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *