අහංගම තරුණයෙකු ගෙල වැළලාගෙන මරුට

අහංගම ප්‍රදේශයේ සිය නිවස අසල අලුතින් ඉදිකරමින් පවතින නිවසක් තුල තරුණයෙකු අද (17) ගෙල වැළලාගෙන මියගොස් ඇතැයි අහංගම පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ අහංගම, කතළුව පදිංචි අවුරුදු 22ක තරුණයෙකි.

මෙම තරුණයාගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වි නොමැති අතර පශ්චාත් මරණ පරික්ෂණය කරාපිටිය රෝහලේ පැවත්විමට නියමිතව තිබේ.

මේ සම්බන්ධයෙන් අහංගම පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙනයනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *