අලියෙකු මැරු කතට ලක්ෂ දෙකක් දඩ

මුලතිව් ඔතියමඩු ප්‍රදේශයේ කුඹුරකට විදුලිය ඇද ඉන් වන අලියෙකු ඝාතනය කිරිමේ සිද්ධියකට වරදකරු වූ කාන්තාවකට රුපියල් ලක්ෂ දෙකක දඩයක් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඉකුත් (14) වනදා නියම කර තිබේ

මෙම දඩ මුදල නොගෙවන්නේ  නම් ඇයට බරපතළ වැඩ සහිතව වසර දෙකක සිර දඬුවමක් පනවන බව අධිකරණය නියෝග කර තිබේ.

2022 මැයි 15 වනදා මුලතිව් ඔට්ටුසුඩාන් ඔතියමලේ කුඹුරකට මෙම කාන්තාව විසින් වුවමනාවෙන්ම විදුලිය ඇද වන අලියාට විදුලි සැර වද්දවා ඝාතනය කොට ඇති බවට වනජීවි නිලධාරීන් විසින් ගොනු කරන ලද නඩුවක් විභාග කිරිමෙන් පසුව මුලතිව් මහේස්ත්‍රාත්වරයා විසින් මෙම තීන්දුව ලබාදි තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *