අලියා එළවපු පුංචි මන්ත්‍රීවරුන් වෙනුවට අලුත් මන්ත්‍රීවරුන්

එක්සත් ජාතික පක්ෂයෙන් තරග කොට වෙනත් පක්ෂවලට සහාය දැක්වීමේ කාරණය මත පක්ෂයෙන් ඉවත් කරන ලද පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් වෙනුවට නව මන්ත්‍රීවරුන් එළඹෙන සතියේ ම පත් කිරීමට පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පියවර ගෙන තිබේ.

එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය ගනු ලැබූ තීරණයක් මත මන්ත්‍රීවරුන් 1,137 දෙනකුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම හේතුවෙන් ඔවුන්ගේ මන්ත්‍රී ධූර අහෝසි වන අතර ඒ සඳහා වෙනත් පිරිසක් පත්කර යැවීමට පක්ෂය සැලසුම් කර ඇත.

මෙම පිරිස අතරේ පළාත් පාලන ආයතනවල නගරාධිපතිවරුන් හා සභාපතිවරුන් ද සිටින බැවින් පක්ෂය තෝරාගත් පුද්ගලයන් එම තනතුරුවලට පත් කිරීමට නියමිත බව එහි ප්‍රකාශකයක් සඳහන් කළේ ය.

ඊට අදාළව කඩිනමින් සම්මුඛ පරීක්ෂණ පවත්වා සුදුසු පුද්ගලයන් තෝරාගෙන පුරප්පාඩු වූ තනතුරු සම්පූර්ණ කිරීමේ කටයුතු මේ දිනවල සිදුකෙරෙන බව ද එම ප්‍රකාශකයා පැවසීය.

පුංචි මන්ත්‍රීවරුන් 1137 දෙනෙකු අලියා එළවයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *