අයහපත් කාලගුණයෙන් පුද්ගලයන් 48,000කට පීඩා

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 12කට බලපෑම් එල්ල වී තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

රත්නපුර, කෑගල්ල, කොළඹ, කළුතර, ගම්පහ, මාතර, ගාල්ල, නුවරඑළිය, පුත්තලම, කුරුණෑගල, යාපනය සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවලට වාර්ෂාව හේතුවෙන් බලපෑම් එල්ල වී ඇති බව එම මධ්‍යස්ථානය පවසයි.

එම දිස්ත්‍රික්කවල පවුල් 11,992කට අයත් පුද්ගලයින් 47,963ක් පීඩාවට පත්ව සිටී.

පවුල් 220කට අයත් පුද්ගලයින් 930 දෙනෙකු ආරක්ෂිත ස්ථාන 10ක රඳවා ඇත.

මේ අතර දිස්ත්‍රික්ක 7කට පනවා ඇති නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදනය තවදුරටත් දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.

කොළඹ , ගාල්ල, හම්බන්තොට, කළුතර, කෑගල්ල, මාතර සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සදහා මෙම නායයෑම් අනතුරු ඇගවීම නිකුත් කර ඇති බව සදහන්.

මේ අතර පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් අද (05) සහ හෙට (06) යන දෙදින තුළ මාතර දිස්ත්‍රික්කයේ සියලු රජයේ පාසල් වසා තැබෙන බව මාතර දිස්ත්‍රික් ලේකම් වයි. වික්‍රමසිරි මහතා පවසයි.

නිවාඩු දින දෙකට අදාළව පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඉදිරියේ දී තීරණය කරනු ඇති බව ද දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි.

Leave a Reply