අයහපත් ආර්ථිකය සහ සමාජ ගැටුම් මානසික සෞඛ්‍යයට බලපානවා – මානසික රෝග පිළිබඳ  විශේෂඥ වෛද්‍ය රූමි රූබන්

පුද්ගලයෙකුගේ පැවැත්මට මානසික සෞඛ්‍ය ඉතා වැදගත් වුවත් ලෝක මානසික සෞඛ්‍ය දිනය මෙවර ශ්‍රි ලාංකිකයිනට සැමරිමට සිදුව තිබෙන්නේ ආර්ථික ප්‍රශ්ණ රැසක් සහ සමාජ අර්බුදකාරි තත්වයන් හමුවේ බවත් මේ අරබුදකාරි තත්වයන් මිනිසුන්ගේ මානසික සෞඛ්‍ය කෙරෙහි අහිතකර ලෙස බලපාන බවත් කරාපිටිය රෝහලේ මානසික රෝග පිළිබඳ  විශේෂඥ වෛද්‍ය ශ්‍රි ලංකා මානසික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ මහජන සම්බන්ධතා නිලධාරි රූමි රූබන් මහතා පැවසිය.

ඒ මහතා මේ බව පැවසුවේ ලෝක මානසික සෞඛ්‍ය දිනය සැමරිම නිමිත්තෙන් උණවටුන මානසික රෝහලේ පැවති පෙරේදා (10 )පැවති උත්සවයකදිය. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා

”ලෝක මානසික සෞඛ්‍ය දිනය වෙනුවෙන් මෙවර තේමාව වන්නේ මානසික සෞඛ්‍ය හා යහ ජිවන පැවැත්මට ගෝලිය ප්‍රමුඛතාවයක් ලබා දිමට ක්‍රියා කිරිමයි. මෙය ජාතික වශයෙන් සාරථක කර ගැනිම සඳහා සියලු දෙනා ඇප කැපවි කටයුතු කල යුතු බව අපගේ විශ්වාසයයි. නමුත් මෙවර ශ්‍රි ලාංකික අපට මානසික සෞඛ්‍ය දිනය සමරනන්ට විදුවි තිබෙන්නේ සමාජ හා ආරථික පිඩාකාරි වටපිටාවකයි.

මේ අර්බුදකාරි තත්වය පොදුවේ සැම මිනිසෙකුගේම මානසික සෞඛ්‍ය කෙරෙහි බලපානවා. අසිරු හා දුෂ්කර අවස්ථාවන් ජය ගැනිම සඳහා යහපත් මානසික සෞඛ්‍ය අත්‍යාවශ්‍ය සාධකයක් වෙනවා. මානසික රෝග සඳහා ප්‍රතිකාර ගැනිම පමණක් හොඳ මානසික සෞඛ්‍යයක් වෙනුවෙන් ප්‍රමාණවත් නැහැ.ඒ සඳහා සමාජයේ සියලු ස්ථරවල ස්ථිර අධිෂ්ඨානයෙන් දීර්ග කාලින සැළසුම්වලින් යුත් යහ පැවතුම් ජිවිතයක් තිබිය යුතුයි.

එදිනෙදා ජිවිතයේ ඇතිවන විවිධ සමාජ ආර්ථික ගැටලු නිසා මානසික පිඩන ඇතිවුවත් එම ආවේග පාලනය කර ගැනිම අන්තර් පුද්ගල සම්බන්ධතා රැක ගැනිම හා ආත්ම විශ්වාසය නොවෙනස්ව තබා ගැනිම මේ වර්තමාන අර්බුදකාරි වාතාවරණය තුල යහපත්ව ජිවත්විම සඳහා උපකාරි වෙනවා. පලි ගැනිම ප්‍රචණ්ඩකාරි බව හා සමාජ වෛරය වෙනුවට කරුණාව සහෝදරත්වය හා එකමුතුකම ඉහළින්ම තබා ගැනිම මානසික සෞඛ්‍ය සඳහා ප්‍රමුඛතාවය ලබාදිමට අත්‍යාවශ්‍ය බව අපගේ විශ්වාසයයි.”

කරාපිටිය රෝහලේ මානසික රෝග විශේෂඥ වෛද්‍ය අජිත් ජයසේකර දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි ප්‍රියන්ත පුෂ්ප කුමාර යන මහත්වරුද මෙහිදි කතා කල අතර සන් ෆාමා ඖෂධ සමාගමේ අලෙවි ප්‍රවර්ධන නිලධාරින් වන නුවන් මධුසංක සහ හර්ෂණ කෞශල්‍ය යන මහත්වරුන් විසින් මානසික රොගින් සඳහා ඖෂධ තොගයක්ද පරිත්‍යාග කරන ලදි.

Leave a Reply