හාලිඇල උඩුවර නේපියර්වත්ත වත්ත නිවසක දී පිහියකින් සිය මවගේ අතේ දබරැඟිල්ල සිරුර වෙන්වන ලෙස කපා දැමූ පුතෙකු ඊයේ (22) අත්අඩංගුවට ගත් බව හාලිඇල පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රෝද රථ රියැදුරෙකු ලෙස රැකියාව කරන දෙමෝදර උඩුවර ප්රදේශයේ පදිංචි 29 හැවිරිදි තරුණයකු බව පොලීසිය පවසයි.
පිහියකින් අතේ දබරැඟිල්ල සිරුරෙන් වෙන් වෙන ලෙස කපා දැමීමෙන් බරපතල තුවාල ලැබූ 53 හැවිරිදි මව බදුල්ල මහ මහ රෝහලට ඇතුළත් කළ බව ද බවද පොලිසිය පවසයි
මෙම මව සහ පුතා අතර ත්රිරෝද රථයක් සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් අනතුරුව සැකකාර පුතා පිහියක් ගෙන නිවසේ සිටි මවගේ අතේ දබරගිල්ල සිරුරෙන් වෙන්වී යන ලෙස කපා දමා ඇතැයි පොලීසිය සඳහන් කළේ ය
සිද්ධිය සම්බන්ධයෙන් හාලිඇල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන ලබයි.