අම්බලන්තොට වෙඩි තැබීමකින් එක් අයෙකු මරුට

අම්බලන්තොට කොග්ගල්ල ප්‍රදේශයේ අද (19) අලුයම සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව පොලිසිය පවසයි.

වෙඩිතැබීමෙන් මියගොස් ඇත්තේ 62 හැවිරිදි පුද්ගලයෙකු බව පොලීසිය සඳහන් කළේය.

කොග්ගල්ල උතුරු කඩවර ප්‍රදේශයේ පිහිටි නිවසකට අද අලුමට නාඳුනන පුද්ගලයින් තිදෙනෙකු පැමිණ මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව අනාවරණය වි ඇතැයි පොලිසිය පවසයි.

සම්බන්ධයෙන් අම්බලන්තොට පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙනයනු ලබයි.

Leave a Reply