අම්බලන්තොට දී මුහුදු රළට හසුවි තිදෙනෙක් අතුරුදන්

අම්බලන්තොට – වැලිපටන්විල මුහුදු රළට හසුවීමෙන් එකම පවුලේ මව, පුතා සහ තවත් තරුණයෙකු අතුරුදන් වී තිබෙන බව පොලිසිය පවසයි

වැලිපටන්විල ප්‍රදේශයේ විහාරස්ථානයකට පැමිණි අවස්ථාවේදී මොවුන් වෙරළ පෑගීමට මුහුදු තීරයට ගොස් ඇති බව පොලිසිය පවසයි.

මව 55 හැවිරිදි වියේ පසුවන අතර ඇයගේ පුත්‍රයා 16 හැවිරිදි වියේ පසුවන බවත් අතුරුදන් වූ අනෙක් පුද්ගලයා 22 හැවිරිදි වියේ පසුවන තරුණයෙකු බවද පොලිසිය පවසයි.

අතුරුදන් වූවන් සෙවීම සඳහා මේ වන විට නාවික හමුදාව සහ පොලීසිය එක්ව මෙහෙයුමක් ආරම්භ කර තිබේ

Leave a Reply