අම්බලන්ගොඩ රිය අනතුරකින් එක් අයෙකු මරුට

ගාල්ල – කොළඹ ප්‍රධානමාර්ගයේ අම්බලන්ගොඩ පොලිසිය අසලදි කුඩා ලොරි රථයක් අද (01) අලුයම අනතුරට ලක්ව එක් අයකු මිය ගොස් 4 දෙනෙකු තුවාල ලබා බලපිටිය මූලික රොහලට ඇතුලත් කල බව  අම්බලන්ගොඩ පොලිසිය පවසයි.

මොරටුව ප්‍රදෙශයේ ගොඩනැගිල්ලක කොන්ක්‍රීට් දමා බද්දේගම බලා යමින් සිටි පිරිසක් මෙසේ අනතුරට ලක්ව තිබේ.

රියදුරුට නින්ද යාම නිසා මාර්ගයෙන් ඉවතට පැන කොන්ක්‍රීට් කනුවල ගැටීමෙන් ලොරි රථය පෙරලි අනතුර සිදුව ඇත.

ලොරි රථයේ පිටුපස ගමන්ගත් පිරිස අතර සිටි පුද්ගලයකු කොන්ක්‍රීට් මැෂිමට යටවි බරපතල තුවාල ලබා බලපිටිය මුලික රොහලට ඇතුලත් කරන අතර ඔහු මියගොස් තිබේ.

Leave a Reply