අම්බලන්ගොඩ රිය අනතුරකින් කාන්තාවක් මරුට

යතුරුපැදියක් ලොරියක ගැටීමෙන් අම්බලන්ගොඩ නගරයේදී  අද (25) පෙරවරුවේ සිදු වූ රිය අනතුරකින් සිය දරුවා සමඟ යතුරුපැදියේ ගමන් ගත් මව මිය ගොස් ඇතැයි අම්බලන්ගොඩ පොලීසිය පවසයි.

මෙසේ මිය ගොස් ඇත්තේ අම්බලන්ගොඩ ඌරවත්ත ප්‍රදේශයේ පදිංචි අම්බලන්ගොඩ නගර සභාවේ සේවිකාවක වන 38 හැවිරිදි කාන්තාවකි.

මියගිය කාන්තාව සිය යතුරු පැදියෙන් දරුවා පෙර පාසලට ඇරලවීම සදහා අම්බලන්ගොඩ ඌරවත්ත සිය නිවසේ සිට කොළඹ පැත්තට එමින් සිටියදී මෙම අනතුර සිදුව තිබෙන බව පොලිසිය පවසයි.

යතුරු පැදියේ ගමන් ගත් ඇයට සිය යතුරු පැදිය පාලනය කර ගැනීමට නොහැකිව ලොරිය පැත්තට වැටීමෙන් මේ අනතුර සිදුවී ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණයවූ බවද පොලීසිය පවසයි.

අම්බලන්ගොඩ පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි

Leave a Reply