අම්බලන්ගොඩ පොලිස් වසමේ පොනදුව, ඉඩම්තොට හන්දිය ප්‍රදේශයේ දී අද (26) අලුයම දෙපිරිසක් අතර ඇතිවු ගැටුමකින් තියුණු ආයුධවලින් පහරකෑමට ලක්වු එක් අයෙකු මියගොස් තවත් තිදෙනකු තුවාල ලබා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ අම්බලන්ගොඩ පදිංචි 23 හැවිරිදි පුද්ගලයෙකි.
ඉඩම් ආරවුලක් සම්බන්ධව ඇතිවු ගැටුමකින් පසු මෙම ඝාතනය සිදුව ඇති බව අනාවරණය වි ඇතැයි පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් එක් අයෙකු අත් අඩංගුවට ගෙන ඇති අතර අම්බලන්ගොඩ පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙනයනු ලබයි .