අම්බලන්ගොඩදී ත්‍රිරෝද රථයක් දුම්රියක ගැටී දෙදෙනෙකුට තුවාල

අම්බලන්ගොඩ ඌරවත්ත ප්‍රදේශයේදී ගංගාරාම විහාරස්ථානය අසල දුම්රිය හරස් මාර්ගයේදී අද (08) සවස ත්‍රීරෝද රථයක් දුම්රියක ගැටී සිදුවූ අනතුරකින් දෙදෙනෙකු තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස තුවාල ලබා ඇත්තේ අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙකි.

මාතර සිට මහනුවර දක්වා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ අද සවස තුනයි තිහට පමණ මෙම ත්‍රිරෝද රථය දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් කිරීමේදී ගැටී තිබේ.

ප්‍රදේශවාසීන් පැවසුවේ මෙම දුම්රිය හරස් මාර්ගයේ විදුලි ආලෝක සංඥා ක්‍රියාත්මක නොවන බවයි.

අනතුර සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *