විදේශිකයන් පිරිසක් ගාල්ලේ ATM යන්ත්‍රවලින් මිලියන ගණන් මුදල් සොරකම් කරලා

හික්කඩුව, කරාපිටිය සහ බද්දේගම පිහිටි රාජ්‍ය බැංකුවක ATM යන්ත්‍රවලින් මුදල් සොරකම් කිරිම් සිද්ධින් තුනක් අද (30) වාර්තා වි ඇතැයි පොලිසිය පවසයි.

විදේශිකයින් පිරිසක් හික්කඩුව ගාලු පාරේ පිහිටි මහජන බැංකුවේ ATM යන්ත්‍රය කඩා රුපියල් හතළිස් හය ලක්ෂයකට ආසන්න මුදලක් සොරකම් කරගෙන ගොස් ඇති අතර හික්කඩුව පොලිසිය විසින් පරික්ෂණ ආරම්භ කර ඇත.

කරාපිටිය ATM යන්ත්‍රයෙන් රුපියල් දෙලක්ෂ හැත්තෑ පන්දහසක් අඩු බව අනාවරණය වී ඇතැයි එහි කළමනාකාරිත්වය පොලිසියට පැමිණිලි කර තිබේ.

බද්දේගම ප්‍රදේශයේ ද මේ ආකාරයට ATM යන්ත්‍රයකින් රුපියල් පනස් 57 ලක්ෂයකට ආසන්න මුදල් රැගෙන ගොස් ඇති සිද්ධියක් ද වාර්තා වේ.

මෙම සිද්ධීන් සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ පවත්වා ගෙන යනු ලබයි

Leave a Reply