අබිරහස් ලෙස එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකු මරුට

පාළු නිවසක තිබී අභිරහස් ලෙස මියගිය එකම පවුලේ කාන්තාවන් දෙදෙනකුගේ මළසිරුරු අද පස්වරුවේ (02) සොයාගෙන තිබෙන බව දැරණියගල පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 49 හා 51 හැවිරිදි වියෙහි පසුවන එකම පවුලේ සොහොයුරියන් දෙදෙනෙකු බවද පොලිසිය පවසයි.

ඔවුන් පදිංචිව සිටි දැරණියගල – මල්දෙණිය ප්‍රදේශයේ පිහිටි නිවසේ තිබියදි මෙම මළසිරුරු සොයාගෙන ඇති අතර මේ දෙදෙනා මීට දින 02කට පෙර මිය යන්නට ඇතැයි පොලිසිය සැක පලකර ඇත

කාන්තාවන් මියගොස් සිටි නිවෙස තුළ සිටි වයස අවුරුදු 90ක පමණ වන ඔවුන්ගේ මව දැරණියගල රෝහල වෙත ඇතුළත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් දැරණියගල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.

මේ අතර අභිරහස් ලෙස මියගොස් සිටි කාන්තාවන් දෙදෙනෙකුගේ මළ සිරුරු ඊයේ (01) ඇල්පිටිය ගනේගොඩ ප්‍රදේශයෙන් පොලිසිය සොයා ගෙන තිබුණි

අභිරහස් ලෙස මියගිය කාන්තාවන් දෙදෙනෙකුගේ සිරුරු ඇල්පිටියෙන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *